ප්‍රාර්ථනාව

ආයෙත් පිස්සු කන්නගෙ කතාවක් ලියන්න හිතුන. එයා එක්ක ඉන්නකොට ඉතින් හැමදාම උනත් ලියන්න දේවල් වෙනව. ඒත් ඉතින් මේව කියවන නැන්දල මාමල හැමදාම එයා ගැන කියවන්න කැමති වෙයිද දන්නෑනෙ. මං හිතාගෙන ඉන්නෙ නම් එයාට අවුරුදු දහයක් විතර උනාම එයාගෙ චූටි කාලෙ ගැන පොතක් ලියල උපන් දිනේකට දෙන්න. ඒක ඉතින් එතකොටනේ.

IMG_20210526_184451.jpg

පිස්සු කන්නයි මායි ගේ ඉස්සරහ ලොකු පිලේ වාඩිවෙලා රොටී කාල තේ බොනව. ඒක බොන්නත් ඉතින් වෙලාවකට එක එක කෝලම් කරන්න ඕනි.

"අපි දැන් හෝටලේකට ඇවිල්ලලු ඉන්නේ." පිස්සු කන්න කියනව.

පිස්සු කන්නගෙ මූණෙ ඇස් පිහාටුවක් තියෙනව මට පේනව. මං හෙමීට ඒක අරන් පිස්සු කන්නගෙ අත උඩින් තියනව.

"දැන් ඔයා ඇස් දෙක වහගෙන ප්‍රාර්ථනාවක් කරල ඒකට මෙහෙම පිඹින්න." මං කරල පෙන්නනව.

පිස්සු කන්න මං කියපු විදිහටම කරනව. එයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියල මාත් හිතෙන් කියනව. ඇයි ඉතින් මට කොච්චර අකටයුතුකම් කළත් මං ආදරෙයි පිස්සු කන්නට.

මට ආස හිතෙනව එයාගෙ ප්‍රාර්ථනාව දැනගන්න.

"මොකද්ද ඔයා ප්‍රාර්ථනා කරේ?" මං අහනව.

"මේක හුලඟෙ යන්න..... කියල" පිස්සු කන්න ඇසුත් පියාගෙන කියනව.

මට හිනා යනව. ඒත් ඉතින් ඇස් පිහාටු පිඹල
කරපු ලොකු ලොකු ප්‍රාර්ථනා ඉෂ්ට උනාද කියල බලන්න ඒ ප්‍රාර්ථනා මට මතකත් නෑ.

"හැබැයි අපි නම් ප්‍රාර්ථනා කරන්නෙ මගෙ කොන්ඩෙ ඇදෙන්න.. මට හොඳට ඉගෙනගන්න ලැබෙන්න.... කොරෝනා ඉක්මනට ඉවරවෙන්න... වගේ ඒව" කියල මං කිව්වම පිස්සු කන්න ඇස් පියාගෙන අත් දෙකත් බැඳගෙන මෙහෙම කියනව.

" අනේ දෙවියනේ.. පුංචිගෙ කොන්ඩෙ ඇදෙන්න එපා.. අපේ පුංචිට ඉගෙනගන්න බැරිවෙන්න... කොරෝනා ඉක්මන්ට ඉවරවෙන්න එපා පුංචිට කොහෙවත් යන්න බැරිවෙන්න..."

මං බොරුවට රවනව..
පිස්සු කන්න හිනාවෙනව..

H2
H3
H4
3 columns
2 columns
1 column
9 Comments