චිත්ත බීජ

අපේ ජිවිතයේ වැදගත්ම දේ මොනවාද ඇහුවොත් බොහෝ දෙනෙක් කියයි මුදල් කියා. තවත් සමහරු කියයි ආදරය කියා. තවත් සමහරු කියයි විවේකය කියා. කවුරු මොනවා කෙසේ කීවද මගේ අදහස අනුව අපේ ජිවිතයේ අපට අවශ්‍ය වැදගත්ම දේ තමයි මානසික සුවය. අපිට කොතරම් සල්ලි තිබුණත් මානසික සුවයක්, සිතට සතුටක් නැතිනම් අපට ඒ මුදල් වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

මානසික සුවය අපිට ඉබේ ලැබෙන දෙයක් නෙමේ. එය අපි ඇතුලාන්තයෙන් මතුකර ගත යුතුයි. ගොවියකුට අස්වැන්න ලෙස වී වපුරා මෙනේරි ලබා ගත නොහැකියි. ඒ වගේ අපි කරන කියනදේ සහ හැසිරෙන ආකාරයට අපිට නැවත ඒ සැනසුම ලග කරගත හැකියි. අප කුඩා කාලයේම චිත්ත බීජ වපුරයි. වෛද්‍ය වරයෙක් වීමේ චිත්ත බීජය අපේ සිත තුල රෝපණය කර ඒ සදහා අවංක උත්සහයක් ගත හොත් අපිට එය ජයගත හැකියි. අපි කරන ඕනෑම කටයුත්තක් සාර්ථක කර ගැනීමට නම් මානසික සුවය අත්‍යවශ්‍ය වේ.

image.png
Image source

චිත්ත බිජ යනු අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීම සදහා ඇති කරගන්නා තිර සාර අදහසකි. සිත ගෙවත්තක් වැනිය. ඒ ගෙවත්තේ මල් පැල හොදින් තබා ගැනීමට නම් වල් පැල ගලවා එය නීති පතා පිරිසිදු කර ගත යුතුයි. ඒ වගේ අපේ ලස්සන සිත කිළිටි කරනුයේ වල් පැල වැනි අපිරිසිදු සිතුවිලි නිසාය. මානසික සුවය ලැබීමට නම් පළමුව මනස සුවපත් කල යුතුය.

වර්ථමානයේ බොහෝ දෙනෙක් මනස අවුල් කරගෙන ඇත්තේ ඔවුන්ගේම වරදිනි. අපිට හොද මානසික සුවයක් ඇතිකරගැනීමට නම් අපි හොද මානසික සෞඛ්‍ය තත්වයකින් ජිවත් විය යුතුයි. අපි සිතන පතන ආකාරය, අපි හැසිරෙන ආකාරය නිසා අපේ මනසට විෂ බීජ ඇතුලත් වේ. එම නිසා අපි කරන කියන හැම දේම අපි හොදින් සිතා බලා කල යුතුයි.

උදහරණයක් ලෙස ඔබේ මිතුරකු ගේ හෝ වෙනයම් කෙනෙකු නිසා ඔබට සිත් තැවුලක් හට ගන්නේ නම්, ඔබ පළමුව බැලිය යුත්තේ ඔබට ඒ සිත් තැවුල ඇති වීමට හේතුවයි. එම හේතුව සමහර විට ඔබේම වරදක් නිසා විය හැකියි. සමහර විට එය ඒ පුද්ගලයාගේ වරදක් නිසා විය හැකියි. ඔබ එයට හේතුව සොයා ගත හොත් එම සිත් තැවුලෙන් ඔබට මිදී යා හැකියි. එය ඔබේ වරදක් නම් ඔබට එය නිවැරැදි ක‍ර ගත හැකියි. එය ඒ පුද්ගලයාගේ වරදක් නම් ඔබට ඔහු නිවැරදි කර හැකියි එහෙම නොහැකි නම් හෙමි හිට එම පුදගලයගෙන් ඉවත් විය හැකියි.

බොහෝ විට පවුල් වල සිත් තැවුල් ඇතිවීමට මූලික හේතුව වන්නේ ප්‍රශ්න දෙස පුළුල් ලෙස නොබලා ඒවා සංවාදයට ලක් කර නොගන්නා බැවිනි. කල බල වී මැනවින් නොවිමසා තීන්දු තීරණ ගැනීම නිසාද බොහෝ මානසික ගැටළු ඇතිවේ.

අපි අපේ බුදු දහම නිවරැදි ලෙස අනුගමනය කරන්නේ නම්, අපිට අපේ මානසික ගැටළු වලට බොහෝ දුරට පිළිතුර ලගා කර ගත හැකිය. බුදු දහමේ ප්‍රඥාව හුදු දැනුමක් පමණක් නොවෙයි, කරුණ, මුදිතා සහ මෙත්තා ආදී ගුණ ද ප්‍රයෝගිකව අපේ ජිවිත වලට එකතු කර ගන්නේ නම් අපිට අපේ මානසික සුවය හොඳ තත්වයක තබා ගත හැකියි.

ස්තුතියි.

H2
H3
H4
3 columns
2 columns
1 column
3 Comments